saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

Latest News - timelapse 2914 hours ago

LATEST

හරක් කටාට උදව් කළ සී.අයි.ඩී. කොස්තාපල්ගේ නිවස සෝදිසි කරයි

calendar_today 2023 සැප් 14 - 11:11 remove_red_eye - 1150  

අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට පැන යැමට උදව් කිරීමට උත්සාහ කල බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාගේ සේරැනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක් ඊයේ (13) අත් අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

නගර හා තදාසන්න ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා තිබෙන බවත් මිට අමතරව යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොඨඨාශය සදහන් කරයි.

Read More

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

Read More

දුම්රිය එංජින් රියදුරන් පසුගිය 11වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය අුද (13දා) දිනයේදීත් සිදු වූ අතර, මේ අනුව අද දිනයේදී දුම්රිය ගමන් වාර 128ක් අවලංගු කිරීමට සිදුවිය.

Read More

පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

දරුවන් අතර මේ දිනවලදී විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.

Read More

බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළැයි ගම්වාසීන් සමග විරෝධතාවයේ යෙදුණු පුද්ගලයෙකු අද (13) හදිසියේම රෝගාතුරව රෝහල් ගත කිරීමේදී මිය ගියේය.

Read More

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පැවසීය.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසළදි (13) දින පස්වරු 3.30 ට පමණ පිලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.

Read More

ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.13) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More

වසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ .

Read More

“පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන” බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

Read More

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.

Read More

අපවත්වී වදාළ බෝධි සත්ව ගුණෝපේත වතුරවිල ඥාණානන්ද මහා නායක හිමියන්ගේ 37 වැනි ගුණසැමරුම නිමිත්තෙන් වතුරවිල වන සෙනසුනේ පැවැති දානමය පිංකමට කුරුදුගහහැතැප්ම දිවය හෘදය දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වන ෂෙල්ටන් පනාන්දු පියතුමාද පැමිණ සිටියේය.

Read More

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මොරගහකන්ද ජලාශයේ ජලය සිදි යෑමෙන් පැරණි ගම්මාන රැසක් යළි මතුව තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වන දින සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහ නමයක් වටිනා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ පෞද්ගලික ආයතනයකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/12 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මියගිය පුද්ගලයා පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිඳ සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර ,ඔහු පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදු කළ ප්‍රකාශයක සදහන් වන බව එගොඩඋයන පොලිසිය කියයි

Read More

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් කෝටි හතරකට විකිණීමට සූදානම් කර කුරුණෑගල නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

ශ්‍රී ලංකා රජය යටතේ පවතින gov.lk යන ඩොමේන් නාමය යටතේ පවතින විද්‍යුත් තැපැල් පද්ධතියට පසුගිය අගෝස්තු 26 එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා උපදෙස් දී තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .

Read More

මාතලේ මහ නගර සභාවට අයත්ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබා දීමේදී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කොට රුපියල් තුන්ලක්ෂ හැටපන්දහස් එකසිය විසිපහක (3,65125) මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී තිබේ .

Read More

රිලවුන් ලක්‍ෂයක් චීනයට අපනයනය කීරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ත්ව ආරක්‍ෂණ සංවිධාන ගොනු කොට ඇති පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීරණය කළේය.

Read More

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේ ය.

Read More

දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනය වන දුම්රියන්වල අධික මගී තදබදයක් පවතී.

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ගේ ඉල්ලීම මත මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් වසර අටක් තිස්සේ සිය බැංකු ගිණුම් අත්හිටුවා තිබීමෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයට පත්ව ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින්නැයි විශේෂ මෝ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.