saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2803 hours ago

LATEST

මාලේ යන්න ගිය ශ්‍රී ලන්කන් යානය ආපසු එයි

calendar_today 2023 දෙසැ 20 - 21:24 remove_red_eye - 1167  

කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා 12/20 දින උදෑසන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන් ස්වල්ප වේලාවකට පසු කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් යානයේ නියමුවන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපා

සබරගමුව පළාත් සභාව සහ British Council ඒකාබද්ධව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කරන ගුරුභවතුන් 755කට ඉංග්‍රීසි භාෂා ප්‍රගුණතා පාඨමාලාවක් ආරම්භ කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (20දා) සඳහන් කළේය.

Read More

රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ‘JN වන්’ නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වන කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පිලී පැනීමකට ලක්වී ඇත.

Read More

ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

Read More

තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා තම පක්ෂයයේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂ නායකයෙක් බවත් රට අරාජික තත්ත්වයක පත්වීමේ තර්ජනයක් පැවැති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුල රට පාලනය කිරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කල බව හිට

Read More

කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන ’’කොළොන්නාවේ චතු’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි

Read More

කටාර් රාජ්‍යය සහ මෙරට අතර ක්‍රියාත්මක මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ද මහ මොලකරුවෙකු වන අළුබෝමුල්ලේ පිංකි නැමැත්තා ඇතුළු ජාවාරමට සම්බන්ද පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව අළුබෝමුල්ල පොලිසිය පවසයි .

Read More

පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (20දා) දින සිට ඉදිරි දිනවල සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (19) පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්‍ෂාවකට ලක්කෙරිණි.

Read More

පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුමට අදාළව පෙරේදා දිනයේදී සැකකරුවන් 2078ක් හා සැකකාරියන් 88ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුන බවත්, ඒ අනුව එම මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට දින යොදා තිබෙන බවට අධිකරණ අමාත්‍යංශය රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේද පිලිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරික්ෂන හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පැවසීය.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශරව මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ලෙස අගවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් ලබාගන්නා බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Read More

එළඹෙන වර්ෂයේ අධ්‍යාපන පද්ධතිය තුළ පාසල් මට්ටමින් විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවත්, පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලක ම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

දිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

Read More

මැලේසියාවේ පැවති 34 වන යොවුන් බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් 05 දෙනෙකුම පදක්කම් ජයග්‍රහණය කරමින්, රන් පදක්කමක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 12/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන හිතලයි...  රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩදෙන්න බැහැ...

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව කවුඩුල්ල ජලාශය වාන් දොරටු හතර අගල් නවය බැගින් අද (19) උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

Read More

විවෘත වෙළඳපොලේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැතිවීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයක් පවතී. ඒ සඳහා තවකාලික පියවරක් ලෙස සතත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 15000ක් ආනනය කිරීම සඳහා සීමා සහිත ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය බලපත්‍ර ලබා දී ඇත.

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංසකරණය යටතේ රක්ෂණ කර්මාන්තය විධිමත්කිරීමේ පනතේ විධි විධවලට අනුකූලව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බුවනෙකබාහු රජු සමයේ රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරැදිකරුවන් බවට පත්ව සිර දඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.

Read More

සූරියවැව ප්‍රදේශයේ පොහොර වෙළඳ සළකින් මුදල් හා රන්බඩු කොල්ලකෑ තිදෙනෙක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා දියත් කර ඇති යුක්තිය මෙහෙයුමට හා ඒ මහතා අපරාධකරුවන් ගැන කී සැර කතාවට බියවී රත්ගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි.

Read More

අම්පාර දිස්ත්‍රිකක්යේ පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ඌරණි කුරන්ගුමඩු කලපුව අසල වෙල් යායකදි අනවසර විදුලි රුහැනක පැටලි ඇතෙක් මියගොස් තිබේ.

Read More

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග එම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු අද 19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව හා දේව ආරම්භ වැඩම කරවිම මේ මස 25වන දින සිදුකරනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.