saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2792 hours ago

LATEST

විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිවෙයි

calendar_today 2023 දෙසැ 23 - 10:43 remove_red_eye - 444  

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇත.මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

Read More

මහවැලි ගංගාව පිටාර ගැලිම නිසා ඓතිහාසික සෝමාවතිය පුදබිම ගං වතුරින් යටවී ඇත.

Read More

ගාලදිවුල්වැව මෙත් සිසිල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමියන්ගේ කුටිය තුල තිබූ, ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (21දා) විමර්ශනයක් ආරම්භ කල බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ දින (21) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් නව ගුවන් යානයක් එක් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ 380-200 වර්ගයෙ ගුවන් යානයක් එහි ගුවන් ඇනිය වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන්හි කෙටි ගුවන් ගමන් ආවරණය කිරිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබේ. ගුවන් යානය ව්‍යාපාරික පංතියේ ආසන 12ක් හා පිරිමැසුම්දායක පංතියේ ආසන 138කින් සමන්විත වෙයි.

Read More

මත්ද්‍රව්‍ය වැටලීමකදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් වන අමිත බණ්ඩාර මහතාගේ සංවිධායකධුරය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන චැසි සහ එන්ජින් වෙනස්කර මුහුණු පොත ඔස්සේ අලෙවි කළ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනා යතුරුපැදි තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

2022 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023) උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022 (2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද හිමි ව තිබේ.

Read More

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස නම් කිරිමට නිර්දේශ කර ඇති රක්වාන තුනේ කණුව ප්‍රදේශයේ සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ දැවැන්ත වන සංහාරය සම්බන්ධව ඉක්මනින් නඩු පවරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය. ඊයේ ( 20දා) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මේ බව දැනුම් දී තිබේ.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

පරාටේ නීතිය පිලිබදව විශාල සංශෝධනයකට ගොස්, පරාටේ නීතිය පිළිබදව නව පනතක් ගෙන එනවා. · ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කලා නම්සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙහෙම වෙන්නේ නැහැ. · රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි ලෙස රු.මි. 51,967 ක මුදලක් රජය ගෙවා ඇතැයිද ඔහු සිය ට්විටර් ගිනුමෙන් පවසයි.

Read More

චිනවරාය ගුවන් හමුදා කදවුරේදි ආධුනික ගුවන සෙබලියක් අපයෝජනයට ලක් කළ බව කියන ගුවන් හමුදා විංග් කොමාණ්ඩර්වරයෙකු හා එයට ආධාර අනුබල දුන් ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු ලබන ජනවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස ඊයේ (20) ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණි අන්නාතුරෙයි මෙනවිය පොලිසියට නියම කලාය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හෙට (22දා) උතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පීලි පැනිමට ලක් වු ටිකිරි මැණිකේ දුම්රිය පීලි ගත කිරිමේ කටයුතු නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර , දුම්රිය මැදිරි පීලිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්තානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ සුවදුක් බැලීම වෙනුවෙන් මේ දින කිහිපයේදි කලුබෝවිල රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයන් පණිවිඩයක් ලබා දී තිබේ.

Read More

වනය නිසාම ඔවුන්ගේ ජීවිකාව ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබුණොත් ඔවුන්ම වනය ආරක්ෂා කරනවා. වනය මායිමේ ජීවත් වන ජනතාවට වනයෙන් ලබාගත හැකි ද්‍රව්‍ය තිබෙනවා. ඔවුන්ට එම ද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ලබා දුන්නොත් වනය ද ආරක්ෂා කර ගන්න පුළුවන්. විශේෂයෙන් හරිත සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා. පරිසරය අලෙවි කළොත් මේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙන එන්න පුළුවන්.

Read More

වැටලීම කල පොලිස් නිලධාරීන් සුඛෝභෝගී නිවස තුළ රැඳී සිටින අවස්ථාවේදී ඩුබායි රාජ්‍යයේ සිට රෝමින් තාක්ෂණය ඔස්සේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගෙන ට වැටලීම සිදු නොකරන ලෙසත් රුපියල් කෝටි 10 අධික වටිනාකමින් යුතු නිවස සහ කෝටි 2 අධික වටිනාකමින් යුතු මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙස ඩුබායි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන ’’සනා’’ හඬා වැලපෙමින් ආයචනා කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

දිඹුලාගල කඳුවැටියෙන් හමු වූ මෙතක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය බවට සැලකෙන ‌සෙල්ලිපිය විනාශ වී යාමට පෙර එය සංරක්‍ෂණය කර කඩනිමින් මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදාකර දෙන ලෙස ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එසේම තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

මෙරටින් හඳුනා නොගත් විශේෂිත වූ මත් පෙති දහ හතරක් සමග කාන්තාවක අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගි ප්‍රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109 ¼ සැතපුම් කණුව අසලදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 12/20 දින වටලා අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවට පලා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නලින් චතුරංග නොහොත් ලඩියා නැමැත්තාට අයත් පියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස්රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

එම දේපළ අතර තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබූ බවද පොලිසිය සඳහන් කරයි පොලිස් භාරයට ගත් අනෙකුත් දේපළ අතර සුඛෝභෝගී මෝටර් රථයක් යතුරුපැදි තුනක් , පවුම් පනහක රන් ආභරණ , රුපියල් එක් ලක්ෂ 1 25000ක මුදලක් ,පර්චස් දහය බැගින් වූ ඉඩම් කැබලි තුනක් දර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙක් වෙනුවෙන් 2023 වසරට අදාළව ප්‍රසාද දීමනා, වෙනත් දිරි දීමනා හෝ වැඩිපු වර්ධක ලබා නොදීමට විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ආයතනයේ පරිපාලනයට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.