saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2656 hours ago

LATEST

යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන්නැයි එජා මානව හිමිකම් කොමිසම හරහා නිවේදනයක්

calendar_today 2024 ජන 23 - 07:10 remove_red_eye - 929  

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුව ප්‍රතිපත්ති හා සෞඛ්‍ය මත පදනම් වූ ක්‍රියාවලියක් වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අහුංගල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පොඩි නුවන්’’ නමැත්තා මත්කුඩු ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3 ට ආසන්න වටිනා දේපල සමග ඔහුගේ බිරිඳ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල් එවලේම ඔන්ලයින් හරහා ගෙවීමේ අවස්ථාව ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More

සීදුව අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’ ( Human Immunogoblin) නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ( Islek Biotech Pharma ) ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් 01/22 දින දහවල් 12.00 සිට පස්වරු 05.00 දක්වා පරීක්ෂා කිරීමකට ලක් කිරීම සිදු කෙරුණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට අදාළව අයදුම්පත්‍ර කැඳවීම හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි .

Read More

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත විය.

Read More

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති්.

Read More

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Read More

මෙලෙස මියගොස් ඇති අයගෙන් කුමාර විධානෙලාගේ හසිත වන්සුක,ඉලුක්කුට්ටිගේ සමීර මධුෂංක සහ භාතිය දුරයලාගේ බුද්ධික රාජපක්ෂ යන තිදෙනා 2018 වර්ශයේ තංගල්ල කුඩාවැල්ලේ මිණීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු බවත්, මෙය එයට පලිගැනීමක් බවත් බෙලිඅත්ත පොලීසිය සැක පල කරයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව බෙලිඅත්ත පොලීසිය කියයි.

Read More

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ ’’ සුද්දා ’’ නැමැත්තා බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් දී කප්පම් ඉල්ලූ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි .

Read More

ගෙවල් බිඳ තමන්ගේ දේපළ සොරාගෙන යන්නේ බොහෝ විට තමන්ගේම වරදින් බවත් බොහෝ දෙනා තමන්ගේ දේපළ සොරකම් කරගෙන යාමට නොදැනුවත්වම පහසුකම් සලසන බවත් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read More

අද පෙරවරුවේදී බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාද සිටින බව වාර්තා වෙයි.

Read More

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට කැබ් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් ඇතැයි වර්තා වෙයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වෙයි.

Read More

නැහෙනහිර හා ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොළය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩ කොළ යැවීමේ නියමු ව්‍යාපෘතිය අද (22දා) ආරම්භ වේ.

Read More

ගෙවීගිය 2022 වර්ෂයේ මැයි මාසයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළදී මධ්‍ය පරිමාණ, කුඩා සහ ඉතා කුඩා කර්මාන්ත 77,118ක් පමණ වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජනවාරි 19දා ඉදිරිපත් කර ඇති දත්ත අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සමගපැවසීය.

Read More

“දින පහක් ඇතුළත සියයට හතළිහක් පනහක් හතර මිලකට එකවරම එළවළු මිල අඩු වුණේ පැහැලියගොඩ මාළු වෙළඳසැලේ මාළු මිල අඩු වුන නිසා පාරිභෝගිකයන් මාළු කන්න හුරුවීම හා එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක එළවළු නාස්තිවීම අවම කරන්න කටයුතු කිරීමක් වශයෙන් එළවළු මිල අඩුවුණා”

Read More

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදි පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

Read More

දුම්රිය හරස් මාර්ග සඳහා ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියා විරහිතව ඇති අතර, මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් 2024/01/09 දින නිර්දේශ කොට ඇත.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළි අත්අඩංගුවට ගෙන අද (21) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට තර්ජනය කොට පහරදිමට තැත්කිරිමේ සිද්ධිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවිකාවකට හා සේවකයෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්දයෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් ආරම්භකොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා සදහන් කරයි.

Read More

යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බවත් ඉන් කෝටි 50ක් මේන වන විටත් ගෙවා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා ලෙස අද (21) පැවැති මධ්‍යම කාරක සභා ඡන්ද විසිමේදි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා වැඩි ඡන්ද 47 කින් ජයග්‍රහණය කලේය.

Read More

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසට අයුතු ලෙස ඇතුළු වී, බීමත්ව ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකාර එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.