saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2619 hours ago

LATEST

ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ඉන්ධන නල මාර්ගයක්

calendar_today 2024 පෙබ 09 - 09:44 remove_red_eye - 827  

ඉන්දියාවේ නාගපට්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය හා කොළඹ සම්බන්ධ කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු රජය ඉන්දීය තෙල් සමාගම හරහා මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ.

2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු. 1,450.00 සිට රු. 2,000.00ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබුණා.

Read More

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර අද සිදු කරනු ලැබුණි.

Read More

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා රැකියා අහිමි වූ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගෙන් 60 දෙනෙකු හෙට දින අලුයම (2024.02.09) ජසීරා ගුවන් සේවයට අයත් J9 252 යන යානය මගින් දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

ඇෆ්ගනිස්තානය හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළු පසුගිය තරග වලදී අවස්ථාව අහිමි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම යිත් අවස්ථාව ලැබී තිබේ.

Read More

හේනට කෑම අරගෙන යමින් සිටි කාන්තාවක් බදුලු ඔය පුවක්කොටුව හරහා දමා තිබූ ඒදණ්ඩකින් එගොඩවීමට යාමේදී ලිස්සා බදුලු ඔයට ඇද වැටී සැඩපහරේ ගසාගෙන ගොස් මළසිරුර දඩයම්තලාව ප්‍රදේශයේ බදුලු ඔයේ රැදී තිබියදී අද (8) සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

Read More

සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන් ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හෙට දිනයේදී දිවයින පුරා ප්‍ර ධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට දිනයට අදාළව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

Read More

දොඩංගොඩ ප්‍රදේශයේ රබර් කිරි ව්‍යාපාරයක නියැලෙන කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවද ඔහුද එම නිවසට කිට්ටුව පදිංචිව සිටින අයෙකු බවද පොලිසිය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

ගම්පග මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් ඉකුත් ජනවාරි 23 ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගිනි අවි ජීව උණ්ඩ හා මත්ද්‍රව්‍ය සමග (07) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයේ සැක සහිත තැන් ඇති බවත් එය සම්බධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැමිණිලි කර තිබේ.

Read More

අරණායක දිසා රෝහලේ සේවය නිරත ව සිටි 28 හැවිරිදි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට එම රෝහලේම රාජකාරි සිදු කළ 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයා අද (08) අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දින හතරකට ඉහතදී අතුරුදන් වූ මහරගම නගර සභාවේ සේවය කළ විශ්‍රාමික කම්කරු හෝමාගම කැන්ඳලන්ද ප්‍රදේශයේ වතුර වලකට වැටී අභිරහස් ලෙස මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි

Read More

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩුවට පත් කෙරුණු ජගත් ප්‍රියංකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

නිවසේ කාමරයක සිට දිගු වේලාවක් දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිට කාන්තාවක් සිය සැමියා කාමරයට ඇතුළුවන විට එය විසන්ධි කර ඇති බවත්, එයින් උරණවූ සැමියා මුළුතැන්ගෙයි තිබූ මන්නය රැගෙන ඇයගේ හිසට පහරදී ඇත.

Read More

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම මස10 වැනි දින මහනුවර හෙද විදුහලේ දී

Read More

කප්පම් මුදල් ලබා ගැනීම සදහා සිරකර රදවා තබාගෙන සිටි විශේෂ්ඥ වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් ඔහු සිරකරගෙන සිටි විසිඅට හැවිරිදි උපකාර පංති ගුරුවරයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි

Read More

මැණික් ව්‍යාපාරිකයෙකු බස් රථයකදී අමතකව දමා ගිය රුපියල් 2,500,000/= වටිනා මැණික් සහිත පාර්සලයක් සොරා ගත් පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Read More

ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .

Read More

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අද දිනයේ නිම වන විට රුපියල් බිලියන 12ක දෛනික පිරිවැටුපක් වාර්තා වී තිබේ. එසේම අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය සියයට 0.02කින් හා එස්.ඇන්ඩ් පී. දර්ශකය සියයට 0.13කින් ඉහළ ගොස් තිබේ.

Read More

’’මම කම්පනයට පත් වුණේ නෑ. ඔවුන් මාව තෝරා නොගත් නිසා මම පුදුමයට පත් වුණා. ’’ යැයි අතපත්තු අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

Read More

උගුරේ සිට ආමාශය දක්වා පවතින රෝග හඳුනා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට (එන්ඩස්කොපි පරීක්ෂණ) කොළඹ ජාතික රෝහල තුළ තිබෙන යන්ත්‍ර 10 න් අටක්ම මේ වන විට ක්‍රියා විරහිත වී තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු ලේකම් විනෝ මෝහන් මහතා හමුවී තිබේ.

Read More

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

Read More

චිලියේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා මහතා හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දකුණු ඇමෙරිකානු රටක් වන චිලීහි ජනාධිපතිධුරය දෙවතාවක් දරූ සෙබස්තියන් පිනේරා මහතා එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වෙයි.

Read More

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනු ලබන්නේ1996 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසලක් නම් කළ නොහැකි බවයි . එහෙත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමාජයට වැරදි ආදර්ශයක් දෙමින්කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක්කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය නමින්නම් කොට ඇති බවත්ය .

Read More

මෙරට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සදහා ගිවිසුම් ගත වීම අද දින (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.