saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2609 hours ago

LATEST

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

calendar_today 2024 පෙබ 11 - 15:43 remove_red_eye - 1952  

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සදහා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 02/10 දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු යතුරුපැදි දෙකක් සහ යතුරපැදි අංක තහඩු යුගලයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

Read More

කුඩු සළිඳු නැමැත්තාට අයත් සියලුම දේපළ රාජසන්තක කරන බවත් ඔහුට ලංකාව පුරාම ඉඩම් ඇති බවත් මිලියන 5013ක වත්කම් ඇති බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසිය. එසේම ඔහු මැඩගස්කරයේ අක්කර දෙක හමාරක් මිලදී ගෙන ඇති බවත් පොලිස්පතිවරයා පැවැසීය.

Read More

නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක වාහනයක් කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් කොටස් කරමින් තිබියදී කල්ලි නායකයා සහ අනෙකා කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

Read More

අද වනවිට රටේ ජනතාව තීරණාත්මක අවස්ථාවක සිටින බවත් මෙම තත්ත්වයට විසදුම් ලබා දීම පිනිස මේ වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

Read More

සිකුරාදා (09) පස්වරුවේ සිට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද මළුවේ සිට රතු අම්ඹලම ප්‍රදේශය දක්වා දැඩි තදබදයක් පැවති බවත්, තමන්ට පැය ගණනක් එකම ස්ථානයක රැඳී සිටීමට සිදුවුණ බවත් වන්දනාකරුවෝ පැවසූහ.

Read More

බල පත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ පුද්ගලයෙකු එම කැමරාවද සමග යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙලිප්පේ පොලිස් වසමේ දුර්ගා අම්මාන් කොවිල අසළදි තෙලිප්පේ පොලිස් ස්ථානයෙ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සඟවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථන 01 ක්, කුඩා ප්‍රමානයේ ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් එහි තිබී සොයාගෙන ඇත

Read More

කලක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ 10 දින සවස සිදුවු වෙඩි තැබිමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණටය පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

Read More

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 02/10 දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

දේශපාලනඥයෙකුගේ සහාය ලබා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

Read More

ලංකාවේ ගුවන් තොටුපොළ තුනක කළමනාකරණය ඉන්දීය ප්‍රම්‍රඛ පෙලේ ව්‍යාපාරික ජාලයක් වන අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

අස්වැසුම දෙවැනි අදියර සඳහා එළැඹෙන 15 දා සිට අයදුමපත් කැඳවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

Read More

බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත - මත්තල පිවිසුම් මාර්ගයට වම් පසින් පිහිටා තිබූ නිවසක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කරීමක් සම්බන්ධ ව බෙලිඅත්ත පොලීසියට අද (10)දින පැමිණිල්ලක් ලැබී ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

Read More

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීමට පුළුල් සැලැස්මක් අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුයි. වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයි – 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති අවධාරණය කරයි.

Read More

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කිරීම සඳහා නිර්දේශ කිරීමට සුදුස්සෙකු තෝරා ගැනීම වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මාර්තු 04 දා දක්වා අයදුම්පත් කැඳවා තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියයන් නිතරම පීලි පැනීමට ලක් වීම සහ බොහෝ අවස්ථාවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය වීම් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් මහතා පැවසීය.

Read More

ලබන ජූලි ,අගෝස්තු වෙනකොට මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් පළමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනපතිවරණයන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

Read More

පාකිස්තානෙය් පැවැති මහ මැතවණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත් එය සමරන ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. එම ජයග්‍රහණය සමරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව සිටියි.

Read More

නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගි සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

“මම ජනාධිපති තුමා හමු වූයේ පාර්ලිමේන්තුව තුලදී.ඒ මුදල් අමාත්‍යාංශයට අදාල දෙයක් ගැන කතා කරන්නයි.ජනාධිපතිතුමා හමුවෙන්න මට වගේම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා.එතුමා මුදල් අමාත්‍යවරයා.මම මුදල් අමාත්‍යාංශයට ගිහින් එලියෙදි හමු වුනේ නෑ.

Read More

ඔක්කම්පිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉකුත් (08) වෙනිදා ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

ඉදිරි වර්ෂ කීපය තුළ ජාත්‍යන්තර ඉල්ලුමට සාපේක්ෂව දේශීය පුවක් සැපයුම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක් රෝපණය කිරීමට සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පැවසීය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.

Read More

මේ වසරේ ඉන්දියාවෙන් ඇනවුම් කල පළමු බිත්තර මිලියන 7ක තෙගයේ පළමු කොටස ලංකාවට ලැබී ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

Read More

චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. මෙම වසන්ත උත්සව ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ න

Read More

මෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සා ව 02/09 දින රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

දැන් අපේ සංචිත ඩොලර් මිලියන 4500ක් තියෙනවා කියලා ජනාධිපතිතුමන් ආඩම්බරයෙන් කිව්වා. 2022 සහ 2023 වසරේත් මේ වසරේ පලමු මාසයත් ඇතුලත ඩොලර් මිලියන 11 000ක ණය ගෙවීම නතර කර තියෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.