saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 2547 hours ago

LATEST

ධාවනය වෙමින් තිබු බසයක රියදුරු සිහිසුන් වී අනතුරකට ලක්වේ

calendar_today 2024 මාර් 07 - 12:45 remove_red_eye - 543  

පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව ඇත.

උඩප්පුව පොලිස්ථානයේ අපරාධ විමරෂණ අංශයේ ස්ථානාධිපති වරයාගේ රාජකාරි තාවකාලිකව අද 07 දින සිට තහනම් කිරීමට කටයුතු කර ඇතිබව පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසයි. මෙසේ රාජකාරිය තාවකාලික තහනමකට ලක්ව ඇත්තේ උඩප්පුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති චාමර කුමාර රාජපක්ෂ යන අය බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු කටයුු සහ ක්‍රියා පටිපාටි පිළිබඳ පැවැත්වූ ‌ෙකටි කාලීන පාඨමාලාව සාර්ථකව නිමාකළ ශ්‍රී ලංකා රජරට විශ්ව විදයාලයේ විද්‍යෘර්ථයින් සදහා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේදී පැවැත්විනි.

Read More

මහරගම පමුණුව ප්‍රදේශයට රෙදිපිළි මිලදී ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාවගේ හස්ත සංඥා අනුව පලාඵල කීමට පුරුදුව සිටි ජෝතිර්වේදියෙකු ඊයේ (06) දා මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More

රටවල් හයක තානාපතිවරුන් හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබේ.

Read More

මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන, රැගෙන ගොස් තිබූ අතර ඔවුන් 03/07 දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර,ඒවායෙහි තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කර තිබේ.

Read More

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ පැය 04ක කාලයක රහස් පාපෝච්චාරණයක් අද (06දා) කළේය.

Read More

හුංගම කහඳමෝදර ප්‍රදේශයේදී අද (06දා) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

Read More

එක් එක් ආයතන නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වෘත්තීය සමිති සමග සාමුහික ගිවිසුම් ඇතිකර ගන්නා බවත්, එහෙත් එහිදී එක් එක් ආයතන අනුගමනය කරන සූත්‍ර වෙනස් බවත්, මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සකසන වාර්තාවේදී ඒ ගැන අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

Read More

සිද්ධිය වූ දිනයේ නාවලපිටිය රෝහලේ තිබුණු සායනික පුහුණුව හමාර කොට ගල්පොත්ත නමැති ස්ථානයේ නාන්න යමු කියල අප දොළොස් දෙනකු පමණ පිරිසක් කතා වී එහි ගියා .

Read More

නාවලපිටිය කාර්යභාර නිලධාරී පරීක්‍ෂකවරයා කලහාකාරී සිදුවීමේදී නියමිත රාජකාරි නිසියාකාරව නොකිරීමේ චෝදනාවට සහ එම දුම්රියේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මෙසේ අත්හිටුවූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More

මේ අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9දෙනා මරණයට පත්කල සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 50ක් සපිරෙයි.

Read More

මල නොතලා රොන් ගන්නා ආකාරයෙන් ජනතාවගෙන් බදු අය කරගත යුතුය යන්න සමාන්‍ය කියමනක් තිබෙන බවත්, එහෙත් මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හික්කඩුව පන්නම්ගොඩ මුහුදු තීරයෙන් දිය නෑමට ගොස් සිටියදී හදිසියේ ආ දියවැලකට හසුව මුහුදේ දියඹටම ගසා ගෙන යමින් ජීවිතයත් මරණයත් අතර සිටි රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනකු සිය දිවි පරදුවට තබා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් නිරූපද්‍රිතව අද (6) බේරාගෙන තිබේ.

Read More

අද වනවිට ලෝකයේ පවතින බොහෝ වෘත්තීන් ඉදිරි වසර කිහිපය තුළ දැකිය නොහැකිවන බවත්, ගෝලීය ආර්ථික අවශ්‍යතා අනුව වෙනස්වන නවීන වෘත්තීය අවස්ථා වෙත දරුවන් යොමු කළ යුත්තේ නිවැරදි වෘත්තීය මගපෙන්වීම් ලබාදෙමින් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

නිවාස ණයකරුවන් ගෙවන වාරික මුදල් වලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට කළුතර නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීමේ නිළධාරිනියක අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

දිවයිනේ ප්‍රාථමික පාසල්වල 1_5 ශ්‍රේණිවල සිසුන්ට දැනට ක්‍රියාත්මක කරන දිවා ආහාර වේල සඳහා රුපියල්25 මුදලක් වැඩි කිරීමට ඊයේ(5) දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) වනදා මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .

Read More

මෙම තත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

Read More

නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයත් සමග පැමිණ තිබෙනවා. මේවනවිට පාර්ලිමෙන්තු රැස්වීම පැවැත්වෙමින් පවතින අතර ඊට සහභාගීවී ඇත.

Read More

’’බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට ආවා බැසිල් රාජපක්ෂ නෙවෙයි ඩ් එ රාජපක්ෂ යළි වලෙන් නැගිටලා ආවත් මේ රටේ යළි බලය රාජපක්ෂවරුන්ට ලබා දීමට ජනතාව සූදානම් නෑ’’

Read More

’’මම සෑම වසරකම මගේ දරුවන් බලන්න ඇමෙරිකාවට යනවා. මම පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ . හැබැයි ඊළඟට පැමිණීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකෙන් කුමන මැතිවරණය තිබ්බත්, මම පොදු ජන පෙරමුණ සංවිධානය කරනවා.

Read More

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ. ඒ, බෙයිජිං අගනුවර පිහිටි මහ ශාලාවේ දී යි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.