07 දා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය ලැබුණා
හත්වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනයක් තමන්ට ලැබී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පවසයි.
ඇඹිලිපිටියේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‘‘හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවනම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා.
දැන් 118ක් අත්සන් කරලා රනිල් මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ සහාය තියනවයි කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙනවා. ජවිපේ, ටීඑන්ඒ සහායත් තියනවා කියලා කියනවා. ඒක එහෙම වෙන්න එපායැ.
හාමුට හාමුගේ ගෝලයෝ රොත්ත ඉන්න එපායැ. අනුර රනිල් ගෝලයා. නමුත් ඔය පාර්ලිමේන්තුවට ලියුමක් බාරදීපු පමණින් එය බහුතරයක් බවට පත්වෙන්නේ නෑ. ඔය ලියුමට අත්සන් කරපු බොහො දෙනා ඉදිරියේ දි අපිත් එක්ක නියත වශයෙන් එකතුවෙන්න සූදානම් උදවිය’’ යැයි ද කීවේ ය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර
popular news
-
rocky Sunday, 04 November 2018 01:22 PM
මගේ හිතේ මේ සොයිස මහත්තයලට වෙනත් කොහේ හරි වෙනම පාර්ලිමේන්තුවක් තියන වෙන්නැති!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

