නාවික හමුදාවෙන් ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයක්
නාවික හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව ගංවතුර ඇතුළු ස්භාවික ආපදාවන්ට ලක්වී පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම අරමුණු කොට, ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයක් වැලිසර ගැමුණු ආයතනයේ ස්ථාපිත කෙරිණි.
මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය නාවික හමුදාපතිතුමන් අතින් ඊයේ (25දා) විවෘත විය.
මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය තුළ ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප, ජංගම වැසිකිළි, පිරිසිදු කිරීම සඳහා භාවිතයට ගතහැකි අධි පීඩනයකින් යුත් ජල කරාම, කුඩා යාත්‍රා සහ පිටත දහන යන්ත්‍ර ගබඩා කර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් පවසා සිටියේ තමන් මෙවැනි ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකක් උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි.
බස්නාහිර හා දකුණු පළාත්වල සිදුවන ස්වභාවික ආපදා සඳහා ඉතාම කෙටි කලකින් ළඟාවී ක්ෂණිකව එම ස්වභාවික ව්‍යවසනයට ප්‍රතික්‍රියා දැක්වීම මෙම ආපදා මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා බටහිර විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

