ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන ලෝක ජනගහනය බිලියන 2ක් ඉක්ම වූ බව ඒහි නිර්මාතෘ මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනය කළේය.
ඒ අනුව බිලියන 7ක් වූ ලෝක ජනගහනයෙන් බිලියන 2ක් ෆේස්බුක් පරිශීලකයෝ වෙති. එසේම ලෝකයේ අන්තර්ජාලයට ප්රවේශවීමට හැකි ජනතාවගෙන් තුනෙන් දෙකක් ෆේස්බුක් භාවිත කරයි.
ෆේස්බුක් මාසිකව බිලියන 1.94ක ජනතතාවක් භාවිත කරන අතර දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන 1.28කි.