ෆීජි අධිකරණයට ලක් මහේස්ත්‍රාත් එක්වෙයි
ශ්‍රී ලංකාවේ මහේස්ත්රාත්වරයෙකු වූ ගම්මැද්දේගොඩ ප්‍රියන්ත මහතා ෆීජී රාජ්‍යෙය් මහේස්ත්රාත්වරයෙකු ලෙස දිවුරුම් දුන් බව ෆිජි පුවත් සේවා වාර්තා කරයි.
ඒ අනුව මෑතකදී එරට නීති ක්ෂේත්රයේ ඉහළ තනතුරු සඳහා පත්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වෙන්නේ ප්‍රියන්ත මහතායි. මීට පෙර ශ්‍රී ලංකාවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න ෆිජි හිමහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
මහේ්ස්ත්රාත් ප්‍රියන්ත මහතා ෆිජී ජනපති විශ්‍රාමික මේජර් ජනරාල් ජිඕජි කොනෝයුසි කොන්රෝටෝ, අගවිනිසුරු ඇන්තේනි ගේට්ස් හා ලේඛකාධිකාරි යොහාන් ලියනගේ යන මහත්වරුන් ඉදිරියේ ඊයේ (04දා) දිවුරුම් දුන් බව ෆිජී ටයිම්ස් පුවත්සේවය වාර්තා කළේය.
නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි ප්‍රයන්ත මහතා ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයෙකු හා අභිවෝදකයෙකු ලෙස සේවය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
