හොරාව්පොතාන OICගේ බිරිඳත් ජීවිතක්ෂයට
සිය බෑණාගේ පිහි ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා අනුරාධපු ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හොරාව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ පෙරේදා (01දා) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුගිය 25 වැනිදා පවුල් ආරවුලක් හේතුවෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණියට හා බිරිඳට ඔහුගේ බෑණා විසින් පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබිණි.
රාත්රියේ ගලෙන්බිදුණුවැව අක්කර 20 ප්රදේශයේ පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේදී මෙම ප්රහාරය සිදුව තිබිණි.
බරපතළ කැපුම් තුවාල හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය වන ඉෂාර මල්ෂාණි වාසනා (අවු.22) හැවිරිදි එක්දරු මව එදිනම ජීවිතක්ෂයට පත් වූ අතර, කැපුම් තුවාල ලබා සිටි ඇගේ මව දිනිතා සංජිවනී (අවු.44) යන අය වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
ඇය දින 07 කට ආසන්න කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

