හෙරොයින් මිලිග්රෑම් 680ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (12දා) බදුල්ල කයිලගොඩ හා හිඳගොඩ ප්රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉඹුල්ගොඩ සහ කයිලගොඩ යන ප්රදේශවල පදිංචි 25, 30, 24 හැවිරිදි පුද්ගලයෝ තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඌව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.කේ.ජී තුෂාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.