හිමිකරුවකු නොමැති මෝටර් රියක් දංකොටුව පොදු වෙළෙඳ පොළ භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (30දා) සොයාගත් බව දංකොටුව පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් අනුව අද පෙරවරුවේදී මෙම මෝටර් රිය පොලිස් භාරයට ගෙන ඇත. බෝලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම මෝටර් රථයේ පැමිණි බවට ලැබුණු සැකයක් අනුව වැඩිදුර විමර්ශන සඳහා එම රථය වෙන්නප්පුව පොලීසියට බාරදුන් බව දංකොටුව පොලීසිය පැවසීය.
අපරාධයක් සිදුකර හෝ අපරාධයක් කිරීමට යම් පිරිසක් යමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක අදාළ මෝටර් රිය අතහැර දමායන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
වෙන්නප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
රවීන්ද්‍ර ලියනගේ/නයිනමඩම - චන්දන