රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහතාට අද (02දා) ඇප ලැබුණේය. ඔහු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටියේය.
තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් අනුර සේනානායක මහතා කොළඹ මහාධිකරණ හමුවේ ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට ඇප නියම විය.