රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එළඹෙන මැයි මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.
ඊට අමතරව සිද්ධියට අදාළ ඩී.එන්.ඒ පරීක්ෂණවලට යොමුකළ අස්ථි කොටස් අධිකරණය භාරයේ රඳවා තබා ගැනීමට නියෝග කෙරිණි.