හැටන් වටවල නගර මධ්‍යයේ ඉදිකර තිබූ තෙමහල් නිවසක් අද (24දා) අලුයම සිට එක්වරම ගිලා බැසීමට පටන්ගැනීම හේතුවෙන් එම නිවසේ පදිංචිකරුවන් ඉවත් කිරීමට වටවල පොලීසිය පියවර ගෙන ඇත.
වසර දහඅටකට ප්‍රථම ඉදිකර ඇති මෙම නිවස අද අලුයම 3.00 සිට ගිලාබැසීමට පටන්ගත් බව නිවෙස් හිමියෝ පැවසූහ.
නිවස ගිලා බැසීම හේතුවෙන් අඟල් හයේ සිට අඟල් දහය දක්වාත්, ඇතැම් ස්ථානවල අඩියක් පමණත් බිත්ති සහ පොළොව පුපුරා ඉරිතලා ගොස් ඇත.
මෙම ගිලා බැසීම සම්බන්ධයෙන් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට දැනුම්දී ඇති බවවටවල පොලීසිය පවසයි.
.jpg)


