දකුණට තාප බලාගාරයක්
දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා හම්බන්තොට හෝ ගාල්ල වරාය ආශ්‍රිතව තාප බලාගාරයක් ඉදිකරීමට රජය තීරණය කර ඇත.
විදුලි බිඳවැටීම් පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, තාප බලාගාරය ඉදිකිරීම් සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මේවනවිට කමිටුවක් පත්කර තිබේ.
අදාළ තාප බලාගාරය ඉදිකළ යුත්තේ ගාල්ල වරාය ආශ්‍රිතවද, නැතහොත් හම්බන්තොට වරාය ආශ්‍රිතවද යන්න පිළිබඳවත් තාප බලාගාරයේ ධාරිතාව, තාක්ෂණය සහ භාවිත කළයුතු ඉන්ධන වර්ගය පිළිබඳවත් තීරණය කිරීම මෙම කමිටුවට පවරා ඇති කාර්යයන්වේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සම්ප්‍රේෂණ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.අයි. දසනායක මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
මීට අමතරව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළත් වන අන්දමින් මෙම කමිටුවේ සාමාජිකයන් පත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

