හබරණ අඹගස්වැව ප්රදේශයේදී අද (28දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හබරණ පොලීසිය පවසයි.
මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් සහ ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දැඩිගමුව, වැලිපිල්ලෑව, නො 72 ලිපිනයේ පදිංචිව සිටි හෙයියන් තුඩුවගේ දොන් පුබුදු කැලුම් දුෂ්මන්ත (34) නමැති තරුණයෙකු හා දැඩිගමුව, ජයමාවත, නො 344, ලිපිනයේ පදිංචිව සිටි මාඹුලගේ ප්රදීප් චන්දන කි්රශාන්ත විජේබණ්ඩාර (46) නමැති පුද්ගලයෙකි.
මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.