හදවත් බද්ධයට හදවත දුන් තරුණයාගේ දෙමාපියන්ට ජනපතිගෙන් නිවසක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කමට තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
මෙම තීරණය අද (12දා) මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා එම දෙමාපියන්ට දැනුම්දී තිබේ.
රිය අනතුරිකින් මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ පදිංචි 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරියක් සිටින අතර පවුලේ සිටි එකම පිරිමි දරුවා ඔහු විය.
මියගිය සම්පත්ගේ පියා වන අයි.ජී. නන්දසේන මහතා පවසා සිටියේ, "දරුවාගේ ජීවිතය නැති වුණායින් පසු පුතාගේ අවයව වලින් කාට හරි ජීවත් වෙන්න පුළුවන් කියන දේ පමණයි අපි හිතුවෙ. වෙනත් කිසිම දෙයක් අපිට අවශ්‍ය නෑ. මහනුවර මහ රෝහලේ අධ්යක්ෂතුමා අපිට රෝහලට එන්න කියලා රජයෙන් යමක් කරන්න සූදානම් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුව. අපි ඉන්නේ පුංචි ගේකග පුළුවන් නම් ගේ හදලා දෙන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා අපිට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා කියලා අධ්යක්ෂ තුමා පැවසුවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

