ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලින් බහුතරයක් සෞඛ්‍ය සේවාව සදහා ලබාදෙන බව පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය Pirkko Mattila මහත්මිය අද (28) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවෙමින් පැවසීය.
පින්ලන්තය ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් වලින් 30% ක් ආධාර වශයෙන් ද සියයට 70%ක් සහන ණයක් ලෙස ද ලබාදෙන බව මෙහිදී අනාවරණ විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.