ඩෙංගු උවදුර අවසන්වන තුරු රුධිර පරීක්ෂණ ගාස්තු අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් නියෝග කඩ කරන පෞද්ගලික රෝහල් සහ රසායානාගාර පිළිබඳ විමර්ශණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
සම්පූර්ණ රුධිර පරීක්ෂණය රුපියල් 250 කට සහ ඩෙංගු රුධිර පරීක්ෂණය රුපියල් 1000 කට සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය මස පෞද්ගලික රෝහල් වෙත දැනුම් දෙන ලදී.
නමුත් ඇතැම් පෞද්ගලික රෝහල් මේ වනවිට එම මුදලට වඩා වැඩි මුදල් අය කරන බවට රෝගී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම විමර්ශණය ආරම්භ කර තිබේ.
නැවත දැනුම් දෙන තුරු පනවා ඇති මෙම නීතිය ක්‍රියාත්මක බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සහ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා කාන්ති ආරියරත්න මහත්මිය පෞද්ගලික රෝහල් සංගමයටද දැනුම් දී තිබේ.