සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවූ අලාභහානි අමාත්‍යාංශ ප්‍රතිපාදනවලින් ප්‍රතිසංස්කරණය කරන බව සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (22දා) පැවසීය.
මේ වන විට සිදුකර ඇති තක්සේරුව අනුව අමාත්‍යාංශ ගොඩනැගිල්ලට රුපියල් මිලියන ගණනක හානියක් සිදුව ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පහරදීම්වලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.