ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා වන්නේ අනුර කුමාර දිසානායක මහතාය. ඔහු 2014 වසරේ පක්ෂයේ නායකත්වය ලබාගත්තේ සෝමවංශ අමරසිංහ මහතාගෙනි.
කෙසේ වෙතත් ඉන් මාස කිහිපයකට පසු සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ අතර ඔහු පක්ෂයේ වත්මන් ප්රතිපත්ති මෙන්ම එහි නායකයන්ද විචේචනය කළේය.
ඒ අතර අනුර කුමාර දිසානායක මහතාද විය. කෙසේ වෙතත් ඒ සියල්ල අමතක කර සෝමවංශ අමරසිංහ මහතා සමුගත් මොහොතේ ඔහුගේ ගුණ වර්ණනා කරමින් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තැබීමට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුනේ සිව්වැනි නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පක්ෂය යළි ගොඩනැගීමේදී සුවිශේෂී කාර්යයක් කළ පුද්ගලයෙකි.
මේ ඔහුගේ ෆේස් බුක් සටහනයි.