ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ඌව සභා වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා වරෙන්තු නියම කළේය.
2014 වසරේ එවකට පැවැති රජයේ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ගමන් ගත් වාහනය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී හරස් කර බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් අමාත්‍යවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.
අද (01දා) නඩුව යළි කැඳවූ අවස්ථාවේ අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. රාම් මූර්ති මහතා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පැවැසුවේ කිසිම අවස්ථාවක සැකකරු අධිකරණයේ පෙනී නොසිටි නිසා වරෙන්තු නිකුත් කරන බවයි.