සීතාවක පාසල් 17 ක් හෙට වැසෙයි
සීතාවක අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 17 ක් හෙට (07දා) වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසයි.
පිපිරීම සිදුවීමත් සමග දැන්වු පිරිදි සීතාවක, පාදුක්ක හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවලටඅයත් පාසල් අද (06දා) වසා තැබුණු අතර පහත නම් සඳහන් පාසල් 07 හැර ඉහත කොට්ඨාසයන්හි සියලුම පාසල් හෙට දින (07දා) සිට විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
1. අකරවිට මහා විද්‍යාලය
2. සාලාව වත්ත කනිෂ්ඨ විද්‍යාලය
3. කලුඅග්ගල සිද්ඨාර්ථ කනිෂ්ඨ විද්‍යාලය
4. කොස්ගම සුමේධ කනිෂ්ඨ විද්‍යාලය
5. ශාන්ත ජොන් බොස්කෝ මහා විද්‍යාලය
6. කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය
7. කොස්ගම මහා විද්‍යාලය
හෙට දිනයේ වසා තබනු ලබන මෙම පාසල් පිපිරීම සිදුවූ කඳවුරේ සිට කිලෝමීරයක දුරින් පිහිටා තිබේ. ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ එම පාසල් පිරිසුදු කිරීම සහ ගොඩනැගිලිවල තත්ත්වය පරික්ෂා කළ යුතු බැවින් ඒ සඳහා අවස්ථාව ලබා ගත යුතු බවයි.
මෙම පාසල්හී ගොඩනැගිලි පළුදුවීම හා අන්තතරාදායක අලභාහානී තිබිය හැකි බැවින් එම පාසල් පිහිටා ඇති ප්‍ර‘දේශවල ග්‍රාම නිලධාරී වසම 09 ක ජනතාව තවදුරටත් ප්‍ර‘දේශයෙන් ඉවත්ව සිටින බැවින්ද පාස් වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

