සීගිරියේ අක්කර 300ක් කැනඩාවේ කෝටිපතියෙකුට හෝටලයක් ඉදිකිරීමට ලබාදී ඇතියි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත්කර තිබෙන බවත්, ඕනෑම අයෙකුට දිසාපති කාර්යාලයට පැමිණ මෙම ඉඩම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතොත් විමසිය හැකි බවත් මාතලේ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පැවසීය.
ඒ අනුව ජූලි මස 4,5,6 ඒ සඳහා වෙන්කර ඇති අතර අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජයතිලක මහතාගේ ප්රධානත්වයෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. තවද දඹුල්ල ප්රාදේශීය ලේකම්වරියට සීගිරියේ ප්රශ්නගත ඉඩම් පිළිබඳ වගකීම පැවරී තිබේ.
මේ පිළිබඳව විමසීමට දුරකථනයෙන් ඇයව සම්බන්ධකරගනීමට උත්සාහ කළත් ඇගේ කාර්ය මණ්ඩලයේ ප්රකාශකයෙක් පැවසුවේ ප්රාදේශීය ලේකම්වරිය මේ දිනවල විදේශගතව සිටින බවය.
මාතලේ සෝමරත්න