වවුනියාව කනගරයාන්කුලම් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙකුට ගුරුවරයෙකු විසින් බැණ වැදීම නිසා සිත්තැවුල්වූ සිසුවා සියදිවි හානි කරගෙන ඇතැයි කනගරායන් කුලම් පොලීසිය පවසයි.
මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ, කූරිසුට්ටකුලම් ප්‍රදේශයේ පදිංචි ධර්මරාසා ජනාර්ථන් (අවු.17) නමැත්තෙකි.
අදාළ සිසුවා එම පාසලේම සිසුවියක් සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය පංතිබාර ගුරුවරයාට හෙළිවීමෙන් පසුව ගුරුවරයා විසින් සිසුවිය ඉදිරියේදීම අවවාද කිරීම නිසා එයින් දැඩි සිත්තැවුලකට පත් සිසුවා නිවසට ගොස් සිය දිවි හානිකරගෙන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය. වස පානය කිරීමෙන් පසුව සිසුවා රෝහල්ගත කර ඇති අතර, ඊයේ (01දා) රෝහලේදී මරණයට පත්ව තිබේ.