සිරියාවේ, ඇලෙප්පෝ නගරයේ රෝහලක් වෙත එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් රෝගීන් 14 දෙනෙකු හා වෛද්‍යවරු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය සිරියානු රජයේ හෝ රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කරන්නට ඇති බවට චෝදනා නැගුණත්, ඒ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් වාර්තා නොවන බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, ඇලෙප්පෝ නගරයේ පැවති ගැටුම් හේතුවෙන් අද (28දා) දිනයේදී පමණක් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව නිරීක්ෂකයන් පවසති.
සිරියාවේ රජයේ හමුදා හා සටන්කාමීන් අතර සටන් විරාමයක් පැවතියද ඇලෙප්පෝ නගරය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ ගැටුම් උත්සන්න වී ඇති බවද එම නිරීක්ෂකයෝ වැඩිදුරටත් පවසති.