ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්විමට නියමිත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එය නිවේදනය කළ අතර කණ්ඩායම අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට යොමුකර තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, රංගන හේරත්