ඉදිකිරීමට යෝජිතව තිබූ සාම්පුර් ස්වාභාවික ද්‍රව වායු (LNG) බලාගාරය වෙනුවට මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (27දා) අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එම සූර්ය බලාගාරය දේශීය ආයෝජනයක් ලෙස ඉදිකරන අතර, ඒ සඳහා කිසිදු රටක් සම්බන්ධ නොවන බවත්, අදාළ තීරණයට ආර්ථික කමිටුවේ අනුමැතියද හිමිව ඇති බවත් සියඹලාපිටිය මහතා පැවසීය.
සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට යෝජිත තිබූ අතර, විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විරෝධය හමුවේ එය ඉවත් කර තිබේ. ඒ වෙනුවට ඉන්දීය ආධාර යටතේ ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමට රජය තීරණය කළේය. එසේ වුවද මේ වනවිට ඒම ඉදිකිරීම් වෙනුවට සූර්ය බලාගාරයක් ඉදිකිරීමට තීරණය කර තිබේ.