සාමයේ සහ සුහදත්වයේ පණිවිඩය උතුරු පළාතේ දමිළ ජනතාව වෙත රැගෙන යාමට තමන් සුදුස්සෙකු බවත් උතුරු පළාතේ දෙමළ ජනතාවගේ හදවත් දිනාගැනීම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් අනතුරුව මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හෙතෙම මේබව කීය.