පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ විෂයභාර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිටීම අනිවාර්ය කරමින් ස්ථාවර නියෝග වෙනස්කීරීමට ඉදිරියේදි කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද(26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් කථානායකවරයා පැවසුයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ යොමු කළ ප්‍රශ්නයකට අද දිනයේද පිළිතුරු නොලැබීම හේතුවෙන් මතුවු තත්වයේදීය.