කදාන හල්පේ මාවතේ දුම්රිය හරස් මාර්ගයේදි ඉන්ධන රැගෙන යන දුම්රියක් දුමිරිය හරස් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරනික් මෝටර් රියේ ගමන් ගත් කාන්තාවක් ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.
අනතුරු සිදුව අවස්ථාවේදී මෝටර් රථයේ හය දෙනෙක් ගමන් කර තිබෙන අතර අනතුරින් මියගොස් ඇත්තේ රියදුරුගේ නැගණියයි. රියදුරුගේ බිරිඳ, ඔවුන් දරුවන් දෙදෙනෙකු හා මිය ගිය කාන්තාවගේ දරුවෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.