උමාඔය විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට පත්කළ කාර්යාලයේ ප්‍රධානියා ලෙස අත්හිටුවූ සිර දඬුවමක් නියමවූ නිලධාරියෙකු පත් කර සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
මේ නිසා විපතට පත් වූ ජනතාවට සහන සැලසීම හෝ පරිසරය ආරක්ෂා කරගැනීම පිළිබඳ නිසි විසඳුමක් නොලැබෙන බවත්, මේ නිසා වහාම දක්ෂ, නිර්මාණශීලී රාජ්‍ය සේවකයෙකු පත්කරන ලෙසත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
අදාළ නිලධාරියාට නිල්ගල වනය විනාශ කිරීමේ චෝදනාව මත මාස 06ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී, එය වසර 07කට අත්හිටුවා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.