මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතා පවත්වා සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූ විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් අද (22දා) පස්වරු 4.30ට පැවැත්විමට නියමිතය.
සරසවි සිසුන්ට පහරදීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය හේතුවෙන් සයිටම් පිළිබඳ ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක් අවශ්‍ය බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) පැවැසීය.
ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් ලබාදීමට කටයුතු කළේය.