2016/2017 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීම සතියකින් දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අන්තර්ජාලය හරහා මෙන්ම තැපැල් මාර්ගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීම එළැඹෙන ජුලි මස 07දා තෙක් දීර්ඝ කර තිබේ.
ලියාපදිංචි කිරීම හෙට (30දායින්) අවසන්වීමට නියමිතව තිබුණි. දැනට පවතින තැපැල් වර්ජය හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා ලියාපදිංචි කිරීම සඳහා ලබාදුන් කාලය දිගු කර තිබේ.