මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහාය දක්වන වෘත්තීය සමිති හා එයට විරුද්ධ සරසවි සිසුන් අද (27දා) පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ දෙකකට අධිකරණය විසින් අතුරු තහනමන් නියෝග නිකුත් කළේය.
කොළඹ ලිප්පටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා දෙකක් තහනම් කිරීමට අදාළ නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්තනරව්වේ ජිනරතන, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උප සභාපති සමීර මධුෂංක සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන අයට එරෙහිව එම තහනම් නියෝග පැනවීය.
එකම ස්ථානයේ එකම වේලාවේ එකිනෙකට විරුද්ධ පාර්ශවයන් දෙකක් උද්ඝෝෂණ පැවැත්වීමට යාමෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට යන බව කියමින් පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝග නිකුත් කෙරිණි.