මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි සංවිධාන සමග සාකච්ඡා කිරීම ඵලක් නොවන බවට කැබිනට් මණ්ඩලයේදී අනුමත වි තිබේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරු අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු හා විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කිරීම වැදගත් බව මෙහිදී පාඨලී චම්පික අමාත්‍යවරයා පෙන්වා දී ඇත. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ පිඨාධිපතිවරු සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවයි.
ජනපති මෛත්‍රීපාල සරිසේන මහතා පවසා ඇත්තේ සයිටම් විරෝධී ගැටලුව පසුපස පෙරටුගාමි සමාජවාදී පක්ෂය සිටින බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අමාත්‍යවරුන්ගේ වගකීම බවයි.
දයාසීලි ලියනගේ