සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී අද (10දා) දිනට මාස 06ක් ගතවී තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මීට අමතරව සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ 06ක් ඉදිරිපිට සිදුකරන අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වනවිට මාස 06ක් ගතවී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන තෙක් මෙම ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබෙන බවද පවසා සිටියේය.