මාලඹේ සයිටම් ආයතනය මිනිස් සිරුරු කොටස් තබා ගැනීම වැනි නීතිවිරෝධී කටයුතුවල යෙදෙන බව සඳහන් කරමින් නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (03දා) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කරන ලද කමිටුවක් මගින් හෙළිදරව් මේ පිළිබඳව හෙළිකරගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි එමගින් ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එහි කැඳවුම්කරු වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා සඳහන් කළේ මිනිස් සිරුරු 26 ක් තබාගෙන තිබීම සම්බන්ධව සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු සහ සයිටම් උපකුලපති ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙසද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවයි.
අද දහවල් 12.30ට පමණ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මීට මාස හතකට පෙර මේ සම්බන්ධව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළද එම පරීක්ෂණ සිදුකර නැති බවත්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි එමගින් පැහැදිලි වන බවත්ය.
ඉසුරු පෙරේරා