සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 3771 සම්පූර්ණ කිරීම සඳහා තරග විභාගයක් පවත්වා 9316ක් තෝරා ගත්තද පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇත්තේ 1907 දෙනෙකු පමණක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉතිරි පුරප්පාඩු 1864 සඳහා දේශපාලන හිතවත්කම මත බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හේතුවෙන් තරග විභාගය සමත් 7409 දෙනෙකුට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද එම සංගමයේ ප්රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේය.