රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ආපදාවන්ට ලක්වූ ප්‍රජාව වෙනුවෙන් සබරගමුව පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරු මසක වැටුප ද සියළු සේවකයින් දිනක වැටුප ද පරිත්‍යාග කරන බව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප්‍රකාශ කළේය.
මහීපාල හේරත් මහතා මේ බව පැවසූයේ සබරගමුව පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පළාත් රාජ්‍ය නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (02දා) රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ රැස්වීමේ දීය.
මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා සදහන් කළේ,තමාගේ දෙමසක වැටුප සහ තම කාර්යය මණ්ඩලයේ දිනක වැටුප ආපදාවට ලක්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවය.
සබරගමුව පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සංඛ්‍යාව 44කි. එමෙන්ම සබරගමුව පළාත් රාජ්‍ය සේවය තුළ සේවක සේවිකාවන් තිස්හය දහස් හයසිය හතලිස් දෙකක් (36 642) පමණ සේවය කරති.
පරිත්‍යාග සදහා සබරගමුව පළාත් සභාවේ සුභ සාධක අමාත්‍යංශයේ සමාජ සේවා අරමුදලේ ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ 0001016339 දරණ ගිණුමට බැර කලහැකි බව ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.
අචිනි ඉන්ද්‍රසේන