ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන 06 වැනි අන්තර් ජාතික විද්වත් සමුළුව මැයි මස 03 වැනිදා සිට 05 දක්වා මහනුවරදී පැවැත්වේ.
මේ සඳහා දේශීය හා විදේශීය විද්වතුන් හා පර්යේෂකයන් රැසක් සහභාගි වීමට නියමිත අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සහභාගි වේ.
එම විශ්වවිද්‍යාලයේ පීඨ පහම නියෝජනය කරමින් දෙවසරකට වරක් අන්තර් ජාතික වශයෙන් විද්වත් සමුළුවක් පවත්වනු ලබන අතර, මෙවර සමුළුව සමාජවිද්‍යා හා කළමනාකරණයට අදාළ තේමාවන් ඔස්සේ පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මුඛ්‍ය දේශනය සර්ප විෂ සම්බන්ධව විශේෂ පර්යේෂකයෙකු වූ ආචාර්ය කලණ මාදුවගේ විසින් සිදුකරයි. විශේෂ ආරාධිතයන් වන කැනඩාවේ රේෂන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසල් ඩොඩ්, කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරවාන්විත විශ්‍රාමලත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, ඔස්ට්‍රේලියාහි සදර්න්ක්රොස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෙරම් බුල්ජන්ස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා යන විද්වත්හු විශේෂ ආරාධිත දේශනයන් සිදුකරති.
බෙලිහුල්ඔය - එස්.රත්නායක