මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල්සමාගම් පණතට පටහැණි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑමට අදාළ 'සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම' ලියාපදිංචි කිරීමට අදාළ ලිපි ගොනුව සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අස්ථානගත වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11දා)රහස් පොලීසියට නියෝග කළේය.
සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්රක්ෂන්පෞද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාළ ලිපි ගොනුව සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අස්ථානගත වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල්සමාගම් පනතට පටහැණි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු එකොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර, මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 10 වැනිදා විභාග කිරීමටද විනිසුරුවරයා තීරණය කළේය.
මූල්‍ය සමාගම් පනතේ කොන්දේසිවලට පටහැණි ආකාරයට මීට වසර 07කට පෙර ආරම්භ කරජනතාවගෙන් මුදල් වංචනිකව ලබාගෙන ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
2006 නොවැම්බර් මස පළමුවැනිදාත්,2008 සැප්තැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ නුගේගොඩදී මූල්‍ය සමාගමේ කොන්දේසිවලට පටහැණිව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑමට කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගාතිබේ.
එම කුමන්ත්‍රණයට අනුව මුදල් සමාගම් පනතේ කොන්දේසිවලට පටහැණිව මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට 1, 2 සහ 3 විත්තිකරුවන්ට එරෙහිවද, ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 4 වැනි විත්තිකරුට එරෙහිවද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගාතිබේ.
මෙලෙස චෝදනා ලබාසිටිනුයේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, ජඹුරුතුඩු ගමගේ කුමාරි අනුරාධිනී, ඩබ්.ඒ. දර්ශනී මධුවන්ති, දිමන්ති සන්දීපිකා අධිකාරම්, නීතිඥ ජේ.ඒ. උපේකෂා සංකේතා ජයසූරිය, බී.ඒ. අසිත ප්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චන්ද්‍ර, සිත්රුවන් ධනංජය හේවාගම, චානක සුරේෂ් සිරිවර්ධනසහ කේ.බී. කේසර සාමකුමාර නමැත්තන්ය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න, නීතිඥ රවීන්ද්‍ර සෙනරත් යන මහත්වරුඇතුළුනීතිඥ මඬුල්ලක් පෙනීසිටියහ.