සංහිඳියාව නමින් සරසවියට නව විෂයක්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ නමින් නව විෂයයක් විශ්වවිද්‍යාල වෙත හඳුන්වාදී තිබේ.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන ඔස්සේ මේ සඳහා කටයුතු සම්පාදනය කර ඇත.
2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට මෙම නව විෂය එක්කිරීමට නියමිත අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට මේ වන විට අත්සන් තබා තිබේ.
රුහුණු, යාපනය, අග්නිදිග, සෞන්දර්ය කලා, නැගෙනහිර විශ්වවිද්‍යාල හා ස්වාමි විපුලානන්ද ආයතනය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හා ජාමියා නලීමියා ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුවල නිරත සිසුන්ට මෙම ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විශ්වවිද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
