ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාව තුළ ළමා විවාහ සිදුකිරීම ක්රමයෙන් වැඩිවීමේ ප්රවණතාවක් දක්නට ඇති බව මානව හිමිකම් ක්රියාධාරිනියක වන නීතිවේදිනී එර්මීසා ටෙගල් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම, ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව තමන් කළ සමීක්ෂණයකදී දක්නට ලැබුණු බව ඇය බී.බී.සී. සිංහල සේවයට පවසා තිබේ.