සිරිපා වන්දනාකරුවන්ට බාධාවන ආකාරයෙන් උපවාසයක නිරතවූ සිංහල ජාතික සංවිධානයේ සභාපතිවරයා ඇතුළුව පුද්ගලයන් දෙදෙනෙක් ලබන මැයි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හැටන් මහේස්ත්රාත් හා දිසාවිනිසුරු අයි.පී.ඩී. ලියනගේ මහතා ඊයේ (26දා) නියෝග කළේය.
අධිකරණ නියෝග කඩකරමින් මහජනතාවට අවහිර වන අන්දමින් උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ලවී තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ සිංහල ජාතික සංවිධානයේ සභාපති බව පැවසෙන ගම්පහ මුදුන්කොට පදිංචි සාලිය පී රණවක හා නිට්ටඹුව කලකුගස්වල එම්.ඒ.මහේෂ් කාවින්ද නමැත්තන්ය.
අජිත්ලාල් ශාන්තඋදය