ශ්‍රීලනිප සහාය ජනමත විචාරණ නැති සංශෝධනවලට පමණයි
ජනමත විචාරණයකට නොගොස් සම්මත කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.
මේ අතර බලය බෙදාහැරීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පමණක් සිදුවිය යුත බවත්, 13 න් එහා ගිය බලය බෙදාහැරීමකට ශ්රීලනිපය එක නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර ඉකුත් සඳුදා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙර්රා සහ නියෝජය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගි වී ඇත.
පක්ෂවලට එකඟවිය හැකි හා ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු යැයිද අනෙකුත් කාරණා පසුව සාකච්ඡා කළ හැකි යැයිද ශ්‍රීලංනිප නියෝජිතයින් එහිදී ප්‍රකාහ කර තිබේ. මේ අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සංඛාව අටදහස් ගණනක් වන බැවින් එය දැනට සිටින හාරදහස් ගණනකට අඩු කරන්නැයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී ඇත.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පෙරේදා (23දා) රාත්‍රි‘යේ පැවැත්විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නදහස් පක්ෂය අනෙකුත් කුඩා පක්ෂ සමග ද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
අජන්ත කුමාර අගලකඩ
අජන්ත කුමාර අගලකඩ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

