වෛද්‍ය වර්ජනය අඛණ්ඩව සිදුකරන්නේ නම් එයට මුහුණදීමට රජය සූදානම් බවත්, ඊට අදාළ වැඩපිළිවෙළක් රජය සකස් කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් යෝජනා කළ යෝජනා 08න් 07කටම මේ වනවිට රජය විසඳුම් ලබාදී තිබෙන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
එසේ තිබියදීත් අසාධාරණ ලෙස හෙට (05දා) වැඩවර්ජනයක් දියත් කරන බවට සඳහන් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වන්නේ නම්, ත්‍රිවිධ හමුදා වෛද්‍යවරුන් හා පෞද්ගලික අංශවල සේවය කරන වෛද්‍යවරුන් යොදාගෙන සේවාව පවත්වා ගෙන යෑමට සැලසුම් කර තිබෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
අවශ්‍ය වුවහොත් විදේශ රටවලින් වෛද්‍යවරුන් ගෙන්වීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.